2019 ජුනි 29 වන සෙනසුරාදා

මරණ දඬුවම ජී. එස්. පී. ගලවයි

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 361

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් යුරෝපා ප්‍රජාවේ රටවල් විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී. බදු සහනය අහෝසි කරන බව පසුගියදා රජයට දැනුම් දී ඇත. ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නිවේදනය කළ පසු යුරෝපා ප්‍රජාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් ගණනාවක් එයට දැඩි විරෝධය පළකරමින් නිවේදන නිකුත් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතාද ජනාධිපතිවරයාගෙන් මේ ගැන කරුණු විමසා තිබිණි.

එහෙත් රජය ඉතා ඉක්මණින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයාම පැවසීය.

යුරෝපා ප්‍රජාවේ තීරණය අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි කළහොත් වාර්ෂිකව යුරෝපා ප්‍රජාව සහ ශ්‍රී ලංකාව අතර කෙරෙන රුපියල් බිලියන 525කට අධික ගනුදෙනු අඩාල වී විශාල ආර්ථිකමය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි වාර්තා වෙයි. දැනට ජී.එස්.පී. බදු සහනය යටතේ යුරෝපා ප්‍රජාවේ රටවල් ශ්‍රී ලංකාවෙන් ඇඟලුම්, මාළු, මල් වර්ග ඇතුළු භාණ්ඩ රැසක් වාර්ෂිකව මිලදී ගනී.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයද අඩාල වී තිබියදී ජී.එස්.පී. ප්ලස් බදු සහනයද අහෝසි වුවහොත් මේ රට තුළ විශාල විදේශ විනිමය හිඟයක් ඇතිවී ආර්ථිකමය අර්බුදයක් හටගනු ඇතැයි ආර්ථික
විශ්ලේෂකයෝ පවසති.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00